PROUD TO BE A SRI LANKAN
ශ්‍රී ලාංකිකයන් වන
අප සහ අපේ රට
වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන පුරාණයේ “සිංහලේ” නම් වූ රාජ්‍යය දූපත් සමූහයක එකතුවකි. අප රට විශාලත්වයෙන් වර්ග කිලෝමීටර 65,610 ක් තරම් වුවද , භූමි ප්‍රමාණය සැලකූ විට වර්තමානයේ බෙල්ජියම, අයර්ලන්තය, නෙදර්ලන්තය හා ලක්සම්බර්ග් හා සමාන රටකි. ලෝකය සමග සසඳන විට විශාලත්වයෙන් අප රටට 120 වැනි ස්ථානය හිමිවේ. දළ දේශීය නිෂ්පාදනය සැලකූ විට ලෝකයේ 66 වන ස්ථානය හිමි වේ. සාක්ෂරතාවය හා අධ්‍යාපන මට්ටම සැලකූ විට ඉතා ප්‍රශස්ත අගයක පවති. දෙවන සහස්‍රකයේ සිට අප රට ශිෂ්ටාචාරික ලෝක ප්‍රජාව සමග ගනුදෙනු කොට ඇත. ඓතිහාසිකව හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ තොරතුරු වලට අනුව අප, බටහිර ග්‍රීක්වරුන් සමගත්, නැගෙනහිර චීනුන් සමගත් ක්‍රිස්තු පූර්ව 4 වන සියවස පමණ ඈත අතීතයක සිට ගනුදෙනු පවත්වා ඇත. එදා ග්‍රීක්වරුන්ට වර්තමාන ශ්‍රී ලංකාව තැප්‍රොබේන් විය, අරාබිවරුන්ට සෙරෙන්ඩිබ් විය, පෘතුගීසින්ට සෙයිලාවෝ විය, ඕලන්දයින්ට සෙයිලාන් විය, ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ එදා "සිංහලේ" නම් වූ අපේ රටේ නම ඔවුන් උච්චාරණය කළ අයුරුය. ශ්‍රී ලංකාව ලෝක ගෝලයේ පිහිටීම අතින් සුවිශේෂී වන්නේ නැගෙනහිර සහ බටහිර ලෝකය යා කිරීමේදී එහි හරි මැද පිහිටීම නිසා හිමි කර ගන්නා වූ ප්‍රබල භූමිකාව හේතුවෙනි. ශ්‍රී ලංකාව සමකය ආසන්නයේ පිහිටා ඇත. සූර්යාලෝකය ඉතා හොඳින් සමස්ත වසර පුරාම ලැබේ. දේශගුණය සෞම්‍ය ය. අපගේ ස්වාභාවික පරිසරය ද ස්වාභාවික සම්පත් ද විශ්මයජනක ලෙස විවිධත්වයෙන් අනූනය. ශ්‍රී ලංකාව සැබැවින්ම මිහිපිට පාරාදීසයකි.