අරමුණු සහ පරමාර්ථ

අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.

පරමාර්ථ සහ සම්මුතීන් යනුවෙන් මූලික කොටස් දෙකකි. පරමාර්ථය මේ රට මෙරට ශක්තිමත් ජාතික රාජ්‍යයක් බවට පරිවර්තනය කර ගැනීමයි. එම පරමාර්ථය ඉටුකර ගැනීම සඳහා මිලදී ගනු ලබන ආයතන වෙන් වෙන්ව ව්‍යවසායක කණ්ඩායම් වෙත පවරා එම කණ්ඩායම්වලට ඒවා ලාබදායී ලෙස පවත්වා ගෙන යාමටත් ලාභාංශ නිවැරදිව බෙදාහදා ගැනීමටත් අවශ්‍ය සම්මුතින් සකස් කර දීම සහ සංවර්ධිත ව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මග පෙන්වීමයි. සම්මුතීන්ගෙන් පරමාර්ථ ද පරමාර්ථයන් ගෙන් සම්මුතීන් ද එකිනෙක හැඩගස්වනු ලැබේ. නිෂ්පාදනය යථාර්ථවාදී කිරීම යනු මිනිසා යථාර්ථවාදී කිරීමයි. මෙම කාරණාවන් දෙක එකිනෙක හැඩගස්වනු ලබයි.
i/about-shape-1.png
i/about-shape-2.png

සමාගම බිහිවීමට බල පෑ හේතු

යටත් විජිත රාජ්‍යය නැගී සිටියා වූ ජාතික පදනම තේ, පොල්, රබර් සහ බදු ආදායම් කඩා වැටී ඇත. ජාතික අවශ්‍යතා පිරිමසා ලූ යකඩ, ටයර්, සිමෙන්ති, සීනි, කිරි ආදී රාජ්‍ය ආයතන පද්ධතිය විවෘත වෙළඳපොළ විසින් යටත් කොට තිබේ. ජාතියේ ආරක්ෂාවට අදාල විදුලිබල මණ්ඩලය, ඛණිජතෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතන පවා විකුණා දැමීමට රාජ්‍ය ණය දෙන ආයතන අපට නියෝග ලබාදී ඇත්තේ තවදුරටත් ණය අවශ්‍ය නම් ඉටු කළ යුතු කොන්දේසි ලෙසටය. ඒවා ඉටු නොකළහොත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට බැරි වටපිටාවක් නිර්මාණය වී ඇත. රාජ්‍ය දියකර හැරීම හැර රාජ්‍ය වියදම් පියවා ගැනීමේ වෙනත් මගක් නැති බව දේශපාලන අධිකාරියෙන් ද පැහැදිලි කෙරේ. මේ දුෂ්කර මොහොතේ මෙරට වැසියන් හැටියට පොදුවේ අපට කුමක් කළ හැකිද ? ජාතික ධනවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් විදේශ සමාගම් වෙත විකුණා දැමෙන රාජ්‍ය ආයතන පද්ධතිය මිලදී ගැනීම සඳහා පොදු මහජන අරමුදලක් නිර්මාණය කොට ජාතිය සතු කර ගමුද ? මේ අරමුණ පූරණය කරගනු සඳහා Treasure Republic Guardians Limited සමාගම ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව රට බේරා ගෙන ගොඩනැඟීම සඳහා අපේක්ෂිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.

සභාපති

i/ideation-board-i-5.png

නයෝමා ද සිල්වා

අධ්‍යක්ෂ මණ්ඩලය

i/ideation-board-i-6.png

විපුල බණ්ඩාරනායක

i/ideation-board-i-3.png

ජනක විජයපතිරත්න

i/ideation-board-i-4.png

අවින්ද්‍ර මිරැන්ඩෝ

උපදේශක මණ්ඩලය

ප්‍රශාන්ත ලාල් ද අල්විස්
ජනාධිපති නීතීඥ
ආර්. එල්. පී. වීරසිංහ
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජෙනරාල්
කණිෂ්ක විතාරණ
නීතීඥ
සේනාරත්න ද සිල්වා
INVEST WITH CONFIDENCE

INVESTMENT SECTORS

All Aviation Logistics Agriculture Electronic Automobile
TREASURE REPUBLIC GUARDIANS LIMITED අපි ගැන
අපේ අරමුණ ජාතික ධනේශ්වර රාජ්‍යයක් සඳහා අත්‍යවශ්‍ය ධනපති නිෂ්පාදන මාදිලියක් සහ ජාතික ධනපති පන්තියක් නිර්මාණය කිරීමයි. ඊට අවශ්‍ය මූලික මග පෙන්වීම ව්‍යවසායකත්ව රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව ගෙනයාමට අවශ්‍ය කරන ගාමක බලවේගය සැපයීම සහ ආනුශංගික ආධාර සහ අනුබල ලබා දීම.
OUR LOCATIONSWhere to find us
i/footer-map-2.png
GET IN TOUCHSocial links
ශ්‍රී ලාංකීය පොදු මහජනතාවත් ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවත් එක්ව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමු.
AVANTAGEHeadquarters
Organically grow the holistic world view of disruptive innovation via empowerment.
OUR LOCATIONSWhere to find us
i/img-footer-map.png
GET IN TOUCHAvantage Social links
Taking seamless key performance indicators offline to maximise the long tail.

Copyright by Treasure Republic Guardians Limited. All rights reserved.